කෘෂිකර්ම හා වාරිමාර්ග නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න වෙතින් රුපියල් මිලියන 3.75ක මුදලක් අය කර ගත යුතු බවට වන යෝජනාවක් කුරුණෑගල මහ නගර සභාවේදී ඉදිරිපත් වී තිබේ. සමගි ජන බලවේගය නියෝජනය කරන කුරුණෑගල මහ නගර සභාවේ විපක්ෂ නායකවරයා වන සුමේධ අරුණශාන්ත විසින් මෙම යෝජනාව සභාවට ඉදිරිපත් කර ඇත.
බුවනෙකබාහු රාජ සභා මණ්ඩපය කඩා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු සමාජගත කරමින් පටු දේශපාලන අරමුණු නාමල් කරුණාරත්න විසින් ගොනුකළ නඩුව වෙනුවෙන් කුරුණෑගල මහ නගර සභාවට දැරීමට සිදු වූ වියදම සඳහා මෙම මුදල අය කර ගත යුතුව ඇතැයි එම යෝජනාවේ සඳහන් වෙයි . එම යෝජනාව පෞද්ගලික යෝජනවක් ලෙසින් කුරුණෑගල මහ නගර සභාවේ මාසික රැස්වීමට ඉදිරිපත්කර ඇත .
“දේශපාලන වාසි ගැනීමේ අරමුණින් වත්මන් නියෝජ්‍ය ඇමැතිවරයා එම කාලයේදී කුරුණෑගල මහ නගර සභාව, නගරාධිපතිවරයා සහ තවත් අය වගඋත්තරකරුවන් කරමින් මැණ්ඩාමුස් රිට් ආඥාවක් ඉල්ලා අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කරා . ඒ සඳහා පෙනී සිටීමට කුරුණෑගල මහ නගර සභාවට නිරපරාදේ වැය කිරීමට සිදු වූ එම මුදල නියෝජ්‍ය ඇමැතිවරයාගෙන් අය කර ගත යුතුයි.” විපක්ෂ නායකවරයා වන සුමේධ අරුණ ශාන්ත මාධ්‍යට පැවසීය .
කෙසේ වෙතත් එම ස්ථානය පුරාවිද්‍යා වටිනාකමක් නැති ස්ථානයක් බවට ප්‍රබල සාක්ෂි සහිතව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද මෝසමක් හේතුවෙන් නාමල් කරුණාරත්න තනා විසින් ගොනු කරන ලද නඩුව ඉල්ලා අස්කරගන්නා ලදි . මේ තත්ත්වය මත බොරු නඩුවක් පටලවමින් කුරුණෑගල මහ නගර සභාවට නිරපරාදේ වැය කිරීමට සිදුව ඇති මහජන මුදල් නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න අය කර ගත යුතු බව එම යෝජනාවෙන් කියවේ .