නාඩු සහල් හිඟයක්

සහල් මෝල් හිමියන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් දේශිය වෙලදපොලේ නාඩු සහල් හිගයක් පවතින බව හැටන් නගරයේ සහල් වෙලෙදුන් පැවසිය.

නාඩු සහල් කිලෝ පන්දහසක් මිල දි ගැනිමට සහල් මෝල් හිමියන්ගෙන් කීරි සම්බා කිලෝ පන්දහසක් මිල දි ගත යුතු බවත්, තවත් ප්‍රධාන පෙලේ සහල් මෝල් හිමියෙකුගෙන් නාඩු සහල් කිලෝ පන්දහසක් ලබා ගැනිමට කීරි සම්බා කිලෝ පහලොස්දහසක් මිල දි ගත යුතු බවත්, පවත්නා තත්ත්වය මත තම වෙලදසැල් තුල කීරි සම්බා තොග ගොඩ ගැසි ඇති බවයි සහල් වෙලෙදුන් කියා සිටින්නේ.

ඒ අනුව නාඩු සහල් කිලෝවක් රු 230, කීරි සම්බා රු 260 වැනි උපරිම සිල්ලර මිලකට අලෙවි කල යුතු බවත්, ලාභ පරතරය ප්‍රමාණවත් නොවිමෙන් සහල් අලෙවියෙන් තමන්ට පාඩුවක් සිදු වන බවයි වෙලෙදුන් කියා සිටින්නේ.

වෙලදපොල තුල පොල් හිගයක්ද පවතින බව පොල් වෙලෙදුන් පවසයි.