න්‍යෂ්ටික ප්‍රහාරයකට මුහුණදෙන්න ශ්‍රි ලංකාව සූදානම් වෙයි

කළාපය තුළ සිදුවන න්‍යෂ්ටික ප්‍රහාරයකින් ඇතිවන විකිරණශීලි තත්ත්වයකට මුහුණ දීමට ශ්‍රී ලංකාව සූදානම් බව පරමාණු බලශක්ති නියාමන සභාව සඳහන් කරයි. ඒ සඳහා අවශ්‍ය මානව සම්පත් හා උපකරණ තමන් සතු බව එම සභාවේ නිලධාරීහූ සඳහන් කරති.

ඔවුන් මේ බව සඳහන් කර ඇත්තේ බලශක්ති හා ප්‍රවාහන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටගොඩගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේදීය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!