රාත්‍රී කාලයේදී මාර්ගවල නීතිවිරෝධී ලෙස යතුරු පැදි තරඟ සඳහා තරුණයන් සම්බන්ධ වීමේ ප්‍රවණතාව ඉහළයෑම හමුවේ එවැනි ක්‍රියා සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බව පොලිසිය පවසයි.
එමෙන්ම පොලිසිය පවසන්නේ, එවැනි ධාවන තරග හමුවේ සිදුවන මරණ හෝ තුවාලකරුවන් පිළිබඳ වාර්තා වුවහොත් ඊට සම්බන්ධ පුද්ගලයින්ට රථවාහන නීති සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ මිනීමැරුම් සහ මිනීමැරීමට තැත්කිරීමේ චෝදනා ගොනුකරන බවයි.
පසුගිය වසරේදී මෙරට වෙරළාසන්න මාර්ග සහ ප්‍රධාන මාර්ග මාර්ග කිහිපයක, සමාජ මාධ්‍ය හරහා සංවිධානය කරන ලද සහ ඔට්ටු ඇල්ලීමෙන් මෙහෙයවනු ලබන නීතිවිරෝධී වීදි යතුරුපැදි ධාවන තරඟ පවත්වා තිබිණි.
රථවාහන නීති උල්ලංඝනය කරමින් තරුණ පිරිස් සම්බන්ධ වන මෙම භයානක ප්‍රවණතාවය මෙම වසර දක්වාත් අඛණ්ඩව වර්ධනය වෙමින් පවතින බව අනාවරණ වීම හමුවේ බලධාරීන් සහ මහජනතාව අතර ඒ සම්බන්ධයෙන් බරපතල කනස්සල්ලක් මතුව තිබේ.
මෙවැනි තරග හේතුවෙන් එම තරුණයන් මෙන්ම මාර්ගය භාවිත කරනා අනෙකුත් පාර්ශවන්ද අනතුරට පත්වූ අවස්තා ගනනවක් පසුගිය කාලයේ වාර්තා විය