නන්දන ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි .

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක අද අළුයයම අභාවප්‍රාප්ත විය . කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු අභාවප්‍රාප්ත වන විට 63 වියේ පසුවිය.

1987 – 89 කාලයේ රෝහණ විජේවීර සහ උපතිස්ස ගමනායක ප්‍රමුක ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් ඝාතනය කර එම පක්ෂය දැඩි මර්ධනයකට හසුවූ පසු එම පක්ෂය ගොඩනැගීමට නායකත්ත්වය දුන් කෙනෙක් ලෙස නන්දන ගුනතිලක සැලකේ . ජ.වි.පෙ ප්‍රමුඛ පෙළේ නායකයෙකු ලෙසත්, දක්ෂ කථිකයෙකු ලෙසත් වසර ගණනාවක් කටයුතු කළ ඔහු එහි ලේකම් ලෙසද කටයුතු කළේය .

1999 වසරේ පැවති ජනාධිපතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයා ලෙස කටයුතු කළ ඔහු එම ජනාධිපතිවරණයේදී තුන් වැනි තැන දිනාගන්න ලදි . කළුතර දිස්ත්‍රික් අපේක්ෂකයෙක් ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කළ නන්දන ගුණතිලක පසුකාලීනව ජනතා විමුක්ති පෙරමුණේ මතවාදයන් සමඟ ඇති වූ ගැටලු හේතුවෙන් එම පක්ෂයෙන් ඉවත් විය.

අනතුරුව එක්සත් ජාතික පක්ෂයට එක්වූ ඔහු එම පක්ෂය නියොජනය කරමින් පානදුර නගර සභාවට තරග කර එහි සභාපති ධුරයටද පත් විය.