දේශබන්දුට එරෙහි පෙත්සමක් නිෂ්ප්‍රභ කෙරේ

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ රිට් පෙත්සමක් නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (27) නියෝග කර තිබෙනවා.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න ඇතුළු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබාදී ඇති බව වාර්තා වේ.

ගාලු මුවදොර පිටියේ ‘ගෝඨාගෝගම’ අරගලයට පහරදීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් අත්අඩංගුවට ගෙන ප්‍රකාශයක් සටහන් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි මෙම රිට් පෙත්සම මඟින් ඉල්ලා තිබුණා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *