මැදපෙරදිග ඇතිවෙමින් තිබෙනා යුධ වාතාවරණය හමුවේ මේවන විට ශ්‍රී ලංකාවේ බොහෝ පලාත්වල ඉන්ධන ලබාගනීම සඳහා දැඩි පෝලිම් ඇතිව තිබෙනා බව අප වාර්තා කරුවෝ පවසති .
එහෙත් ලංකා ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනුයේ මේ වනවිට රට තුළ දින 37කට ප්‍රමාණවත් ඉන්ධන සංචිතයක් ඇති බැවින් පාරිභෝගිකයන් අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැතිබවයි .
එම සංගමයේ විධායක කමිටු සාමාජික ඩී.වී. ශාන්ත සිල්වා මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් සඳහන් කළේ, අද ඉරිදා දිනයක් වුවත් අද දිනය තුළ ද ඉන්ධන බෙදාහැරීමේ කටයුතු අඛණ්ඩව සිදුවන අතර හෙටට යෙදී ඇති පෙහොය දිනය තුළ ද ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදුකරන බවයි.