පේරු දානය නොදුන්නා කියා හෝ පන්සලේ රැස්විමට නොපැමිණියා කියා දායකයන්ට දඩ ගසන්න පන්සල පොලීසියක් නොවේ යැයි ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසි රාහුල හිමියෝ පවසති.
එලෙස දායකයන්ට දඩ ගසන පන්සල්වල පාලක හිමිවරුන්ට එරෙහිව මහනාහිමිවරුන් වහාම සුදුසු පියවරක් ගතයුතුයැයිද උන් වහන්සේ අවධාරණය කරති.
අද බොහෝ මිනිස්සුන්ට පන්සලට දානය දෙනවා තියා තමන්ගේ දරුවන්ගේ බඩකට පුරවන්නවත් නොහැකි තත්වයක් උදාවි ඇති බවත් ඒ අස්සේ පන්සලට දානේ නොදුන්නා කියා දඩ ගැසිම ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වගේ වැඩක් යැයිද වනවාසි රාහුල හිමියෝ කියති.
දානය නොදුන්නා කියා හෝ දායක සභාවේ රැස්විමට නාවා කියා පන්සලෙන් දඩ ගසන්නේ කුමන නීතියක් යටතේදැයි සෙවිය යුතු බවත් පන්සල අහිංසක මිනිස්සු තලන පෙලන වධකාගාරයක් නොවිය යුතු බවත් මතක තබාගත යුතු බවත් උන් වහන්සේ කියති.
” කුැුළුගම පැත්තේ පන්සලකට පේරු දානේ වැරැද්දුව මනුස්සයාගේ ගෙදර හත්දවසේ බණකට එන්න රුපියල් හතලිස් දහසක දඩයක් ගැසු පුවතක් මාධ්‍යයෙන් ප්‍රචාරය වුණා.ඒ මුදල ගෙවාගන්න බැරි නිසා පිටත ආරණ්‍යයකින් වැඩම කරවු හිමිනමකට ගමේ පන්සලේ භික්ෂුව ඇතුළු මැර දායකයෝ පහරදි තිබුණා.තමන් පින්කම කරන්නෙත් නැහැ ,කරන කෙනෙකුට ඉඩ දෙන්නෙත් නැති මෙවැනි මැර තක්කඩි වැඩ වහාම නතර කළයුතුයි.ඒ ප්‍රහාරය එල්ලකළ මැර හිමියන්ට හා මැර දායකයන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.”
” සිවුරට මුවාවෙලා තක්කඩි වැඩ, චණ්ඩි වැඩකරන්න දෙන්න බැහැ.ගමේ පන්සලේ හාමුදුරුවෝ සිටිය යුත්තේ හාමුදුරුවෝ විදියට මිස පොලිසිය විදියට නොවේ.සිවුර දැම්මා කියලා කාටවත් නීතිය අතට ගන්න දෙන්න බැහැ.අනික මනුස්සයෙක් මියගියාම පාංශුකූලේ නොදුන්නා කියා ඒ මනුස්සයා අපායේ යන්නේ නැහැ.දානේ නොදුන්නා කියලත් අපායේ යන්නේ නැහැ.ඔිවා සම්මත කාරණා විතරයි.පාංශුකූලේට ගමේ.පාංශුකූලේට පන්සලේ භික්ෂුවට එන්න බැරිනම් පිට පන්සලකින් හිමිනමක් වැඩමවා ගැනිම වරදක් වෙන්නේ කොහොමද.ඒ මනුස්සයා පල්ලියේ පුජකයෙක් නොවෙනේ ගෙන්නා ගත්තේ. සමහර හිමිවරුන් හැසිරෙන්නේ චණ්ඩි වගේ.ඒ සෙල්ලම් දැන් සමාජේ එක්ක බැහැ.ඒ ඉස්සර.ඒක මතක තියාගෙන වැඩකළොත් හොඳයි.
දායක සභාවට නොපැමිණියා කියා දඩ ගසන්න නීතියක් නැහැ.අනික දායක සභාවට ආපු වෙලේ සිට කරන්නේ සම්මාදම.එතකොට මිනිස්සු දායක සභාවට කොහොමත් එන්නේ නැහැ.අද කඨින පින්කමත් මහ සැණකෙළියක් වෙලා තියෙන්නේ.අහිංසක දුප්පත් මනුස්සයකුට කඨිනයක් කරන්න බැරි තරමට ඒක සුපිරි කරලා තියෙන්නේ.
කෙසේ වෙතත් කුරුළුගම ගමට බණට ආපු හිමිනමට පහරදුන් ගිහි පැවිදි මැරයන්ට එරෙහිව වහාම නිතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා.
ඒ වගේම බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්ට මම කියනවා මේ දායකයන්ට දඩගසන ජාවාරම වහාම නතර කිරිමට මැදිහත්වන්න කියා. යැයිද වනවාසි රාහුල හිමියෝ වැඩිදුරටත් පැවසුහ.