මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල දකුණු පළාතෙන් මත්ද්‍රව්‍ය හමුවීම පිළිබඳ සිය අදහස් දක්වයි . ඒ අනුව ඔහු පවසනුයේ දකුණු පළාතට අයිස්ලන්තය ලෙස පැවසීමට සිදුවන බවය . තවද එම පළාතෙන් හමුවන්නේ මත්ද්‍රව්‍ය මලු වශයෙන් බවත් ඒවා කුඩුද පිටිද යන්න පවා සොයා ගත නොහැකි බවත් ඔහු පවසයි . ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (12) පැවති මොරටුව ප්‍රදේශිය සම්බන්ධීකරණ රැස්විම අමතනිනි .
වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය
”නීති විරෝධී අවි ගනුදෙනුවේ පාතාලයේ , කුඩුවල හා අයිස් ජාවාරමේ මූලය තිබුණෙ දියවන්නාවේ. අපේ ජනාධිපතිවරයා ආවට පස්සේ දියවන්නාවේ තියෙන හිස ගලවලා අයින් කරා. අයින් කරාට පස්සේ දේශපාලනය නැමැති හිස මේ නීති විරෝධී කටයුත්තයෙන් ඉවත් වුණා. දැන් බලන්න මේ ඡායාරූප දිහා මේවා කුඩුද පිටිද කියලා හොයාගන්න බැහැ.රොටි පුච්චන්න ගෙනාවද කියලා මේ ප්‍රමාණය සමාජගත වුනොත් අපිට මොකද වෙන්නේ. මේවා නිකන් වී මලු වගේ මම දන්නේ නැහැ මේ දකුණට මොනවා වෙලාද කියලා. ඒකට කියන්න වෙන්නේ අයිස්ලන්තය කියලා.”