ඉන්ධන මිල ඉහළ දැමුවද, තවමත් ඩීසල් ලීටරයකට රුපියල් 100 ක් සහ පෙට්‍රල් ලීටරයකට රුපියල් 20 ක් සහනාධාර වශයෙන් ලබා දීමට රජයට සිදුව අතිබවත්, ඒ සඳහා වැයකරනා මුදල මසකට රුපියල් බිලියන 20 ක් බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසීය .
ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ඊයේ රාත්‍රියේ නිවේදනය කරන ලද ඉන්ධන මිල ඉහළ දැමීමෙන් පසු අද (මාර්තු 22) පැවති විශේෂ රජයේ මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළකළේය.
මිල සංශෝධනය ක්‍රියාත්මක නොකළේ නම්, රජයට ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක අමතර බරක් දැරීමට සිදුවන බවත්, එය ආර්ථිකයට වඩාත් අහිතකර බලපෑමක් ඇති කරන්නට හේතුවනු ඇතිබවත් අමාත්‍යවරයා සඳහන් කළේය.