අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි ඉන්ධන මිල ඉහළ දමා ඇත . ඒ අනුව ලංකා සුදු ඩිසල් ලීටරය රුපියල් 22 කින් ඉහළ නංවා ඇති අතර එනි නව මිල රුපියල් 303 කි.
ලංකා සුපිරි ඩීසල් ලීටරක මිල රුපියල් 24 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 353 කි.
භූමිතෙල් ලීටරයක මිල රුපියල් 13 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 195 කි.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරක මිල රුපියල් 25 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 365 කි.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 24 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 317 කි.
