ත්‍රිකුණාමලය සම්බෝධි විහාරස්ථානය ආශ්‍රිත සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අදහස් දැක්විය . එහිදි ඔහු පවසා සිටියේ ඇතැම් පාර්ශ්වයන් ජාතිවාදී කෝළහලයක් නිර්මාණය කර ගැනීමට මෙම සිදුවීම යොදා ගන්නා බවය.
ඔහු පෙන්වා දුන්නේ, පරාජිත දේශපාලන බලවේගවලට විරුද්ධ වීමට කිසිදු සාධනීය සටන් පාඨයක් ඉතිරි වී නොමැති බවත්, ඒ නිසා ඔවුන්ගේ අරමුණ බවට පත්ව ඇත්තේ ජාතිවාදී අවස්ථාවක් නිර්මාණය කර ගැනීම බවය .
ආණ්ඩුවට එරෙහිව දූෂණ, ප්‍රජාතන්ත්‍රවාදී හෝ ආර්ථික ප්‍රශ්න කේන්ද්‍ර කරගෙන චෝදනා කළ නොහැකි බැවින්, ඔවුන් ජාතිවාදය උපයෝගී කර ගන්නා බව ජනාධිපතිවරයාගේ අදහස විය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්තුමා සහ මහජන ආරක්ෂාව පිළිබඳ ලේකම්තුමාගෙන් නිශ්චිත වාර්තාවක් කැඳවා තිබෙන බව ජනාධිපතිවරයා පැවසීය.
ත්‍රිකුණාමලය පොලිස් ස්ථානයේ අදාළ පොතේ සටහන් කර තිබෙන්නේ ආරක්ෂාව සඳහා බුදු පිළිමය පොලීසියට වැඩම වූ බවයි. මෙම සටහන තමන් සතුව ඇති බවත් අවශ්‍ය නම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකි බවත් ඔහු පැවසීය.
යමෙකු පැරණි ජාතිවාදී නාඩගම් නැවත ඇති කිරීමට උත්සාහ කරන්නේ නම්, එය ඉතිහාසය පමණක් වන බවත්, රටේ අනාගත දේශපාලන න්‍යාය පත්‍රය ජාතිවාදය මත ලියවෙන්නේ නැති බවත් අවබෝධ කර ගත යුතු බවත් ඔහු පැහැදිලි කළේය