ජාත්‍යන්තර මාධ්‍ය සහ ඇමරිකානු ආරක්ෂක ලේකම්වරයා ඊයේ දිනයේ කළ ප්රකාශයන්ගෙන් ඉරාන නෞකාව ඇමරිකානු සබ්මැරීනයකින් එල්ලකළ ප්‍රහාරයකින් ගිලීගිය බව තහවුරුව ඇතිමුත්, ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යංශය එවැනි ප්‍රහාරයක් සිදු නොවූ බව ප්‍රකාශ කිරීම ගැටලු සහගත බවත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් රජය වහාම නිල ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතු බව ඔහු අවධාරණය කළේය. ශ්‍රී ලංකා නාවික හමුදාව සිදු කළ ජීවිත බේරාගැනීමේ මෙහෙයුම සම්බන්ධයෙන් ද ඔහු සිය ප්‍රශංසාව පළ කළේය
එමෙන්ම තවත් ඉරාන නෞකාවක් කොළඹ වරාය ආසන්නයේ රැඳී සිටිනා බවත්, ඒ පිළිබඳව රජය දැනුවත්ද යන්න වහා පැවසිය යුතු බවත් ඔහු අවධාරණය කළේය .