තත්ත්වයෙන් බාල ගල් අඟුරු ගැන පිළිතුරු දීමට ඇමති බෑ කියයි.

බාල ගල් අඟුරු හේතුවෙන් පරිසරයට හෝ ජනතාවට අහිතකර බලපෑම් එල්ල වන බවට තවමත් ශාක්ෂියක් නොමැති බැවින් ඒ පිළිබඳව අසනා ප්‍රශ්ණ වලට පිළිතුරු දීමට තමාට නොහැකිබව පාරිසර අමාත්‍ය ධම්මික පටබැඳි පාර්ලිමේන්තුවේදි අද පැවසිය .

ඔහු මේ බව පැවසූවේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි ඇසූ ප්‍රශ්ණයකට පිළිතුරු ලබාදෙමිනි .

නොරොච්චොලේ ලක්විජය බලාගාරය සඳහා ගෙන ආ ගල් අඟුරු තත්ත්වයෙන් බාල නිසා එම ගල් අඟුරු දහනයෙන් කල්පිටිය අවට ජනතාවට විය හැකි හානි පිළිබඳව ගන්නා පිවවර පැහැඳිළි කරනා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි පරිසර ඇමතිවරයාගෙන් ඉල්ලා සිටි අවස්ථාවේදීය .

වැඩි දුරටත් කරුණු දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

”එහෙම තත්ත්වයක් තහවුරු උනොත් ඊට පිළිතුරු දෙන්න පුළුවන් . ඒ හැර ඔබට සිතන තත්වයක් පිළිබඳ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දීමේ හැකියාවක් මට නැහැ. බාල තත්ත්වයේ ගල් අඟුරු භාවිතය නිසා එවැනි ගැටළුවක් ඇති වන බව සාක්ෂි සහිතව ඔප්පු වූ පසු මම එයට පිළිතුරු ලබා දෙන්නම්” පරිසර ඇමතිවරයා පැවසීය.