ඩොනල්ඩ් ට්‍රම්ප්ට නොබෙල් සාම ත්‍යාගය පිරිනමයි .

වෙනිසියුලානු විපක්ෂ නායිකා මරියා මචාඩෝ සිය නොබෙල් සාම ත්‍යාගය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පිරිනමා තිබේ.

වෙනිසියුලා විපක්ෂ නායිකාව තමාට හිමිවූ නොබෙල් සාම ත්‍යාගය අමෙරිකානු ජනාධිපතිවරයාට පිරිනමා ඇත්තේ ධවල මන්දිරයේදී පැවැති හමුවකදීය .

එම හමුවෙන් අනතුරුව මාධ්‍යවෙදීන් අමතමින් ඇය පවසා ඇත්තේ වෙනිසියුලානු ජනතාවගේ නිදහස සඳහා ඇමරිකානු ජනාධිපතිවරයා දැක්වූ කැපවීම අගය කිරීමක් ලෙස සිය සාම ත්‍යාගය අමෙරිකානු ජනාධිපතිවරයා වෙත පිරිනැමූ බවය.

වෙනිසියුලා විපක්ෂ නායිකාව සහ ඇමරිකානු ජනාධිපතිවරයා අතර හමුව පැයකට වඩා කාලයක් පැවති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි . එම සාකච්ඡාවෙන් පසු ඇය රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් යන දෙඅංශයේම සෙනෙට් සභිකයින්ද හමුව තිබේ.

මේ අතර සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ වෙනිසියුලානු විපක්ෂ නායිකා මරියා කොරිනා මචාඩෝ හමුවූ බවත් ඇය බොහෝ දේ අත්විඳ ඇති කාන්තාවක් වන බවත්ය.

එමෙන්ම ඇය සිය නොබෙල් සාම ත්‍යාගය තමන්ට ප්‍රධානය කළ බවත් තමන් ඒ සම්බන්ධව ඇයට සිය ස්තූතිය පළ කරන බවත් අමෙරිකානු ජනාධිපතිවරයාගේ සටහනේ සඳහන්ව තිබේ.