ඩග්ලස් දේවානන්දා අත්අඩංගුවට.

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත .

යුද හමුදාවෙන් නිකුත් කළ ගිනි අවියක් සංවිධානාත්මක අපරාධකරුවෙකු අතට පත්වීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාලව ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාෂය පවසයි .