”ජනාධිපතිවරණයේදී වඩාත් සුදුසු අපේක්ෂකයාට සහය දෙනවා” පාඨලී කියයි

ජනා­ධි­පති ධුර අපේ­ක්ෂ­ක­යකු ලෙස ඉදි­රි­පත් වීමට සිදු වුව­හොත් එම අභි­යෝ­ගය භාර ගැනීමට තමා සූදානම් බව එක්සත් ජන­රජ පෙර­මුණේ නායක, පාර්ලි­මේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණ­වක අව­ධා­ර­ණය කළේය.

දේශය වෙනු­වෙන් එක්වන පිය­ව­රක් මත පද­නම්ව පුළුල් දේශ­පා­ලන සන්ධා­න­යක් ඇති­කි­රීම අපේ­ක්ෂාව බවත් එහිදී එක්සත් ජන­රජ පෙර­මුණ කොට­ස්ක­රු­වකු පම­ණක් බවත් හෙතෙම පැවසීය . පොදු එක­ඟතා මඟින් දේශ­පා­ලන සන්ධා­නය පව­ත්වා­ගෙන යාම අර­මුණ බව පැවැසූ ඔහු ඒ සඳහා සාමූ­හික නාය­ක­ත්ව­යක් නිර්මා­ණය කිරීමට තමන් කැපවෙන බවද පැවසීය .

ඒ යටතේ ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වීම සහ අපේ­ක්ෂ­කයා තෝරා ගැනීම සිදු­වනු ඇති බවත්, රටේ අර්බුද විස­ඳී­මට ඉදි­රි­පත්ව ජනා­ධි­පති ධුර අපේ­ක්ෂ­කයා වෙන්නැයි සාමූ­හික නාය­ක­ත්වය ඉල්ලා සිටි­ය­හොත් අභි­යෝ­ගය භාර ගැනී­මට සූදා­නම් බවත් ඔහු සඳහන් කළේය .

ඉති­හා­ස­යේදී සෑම­වි­ටම පොදු අර­මු­ණක් සඳහා කණ්ඩා­ය­ම්ගත වූ බවත් එහිදී ලැබෙන වග­කීම කුමක්ද යන්න තමන්ට අදාළ නොවූ බව පැවසූ ඔහු, වඩාත් සුදුසු ඕනෑම ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­ය­කුට තමන්ගේ සහාය හිමි­වන බව අවධාරණය කළේය.