ජනපති මැදුරෙන් හමුවූ මුදල් ගැන විශේෂ දැනුම් දීමක්

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයේ සිටියදී ජනාධිපති මන්දිරයේ ඔහුගේ නිල කාමරයේ තිබී පසුගිය සමයේ සොයාගත් රුපියල් මිලියන 17.85ක මුදල සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අධිකරණයට දැනුම්දී තිබේ.

අදාළ ඉදිරි විමර්ශන සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවීම හේතුවෙනි ඔවුන් එම තීරණය ගෙන ඇති අතර එම කොමිසම අද (18) කොටුව මහෙස්ත්‍රාත්වරයා වෙත ඒ බව දැනුම්දී තිබුණි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *