ජනපති නවදිල්ලියට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (9) උදෑසන නවදිල්ලිය බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම්දීමේ උත්සවයට සහභාගී වීම සඳහායි ඔහු එලෙස නව දිල්ලියට පිටත්ව ගොස් තිබෙන්නේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි මහතා ඉන්දීය මැතිවරණයෙන් ජය ගැනීමෙන් පසු දිවුරුම්දීමේ උත්සවයට සහභාගී වන ලෙස ජනාධිපතිතුමන්ට ආරාධනයක් ලැබී තිබුණා.

දිවුරුම්දීමේ උත්සවය රාජ්‍ය නායකයින් ඇතුළු ආරාධිතයින් දහස් ගණනකගේ සහභාගීත්වයෙන් නවදිල්ලි අගනුවරදී අද සවස පැවැත්වීමට නියමිතයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!