“පොලිස් දාලා අපිව නවත්වන්න බෑ. හමුදා නිලධාරීන් වුන ගෝඨාභයටත් බැරි වුනා. මැතිවරණ කල් දානවනම් අපි ජාත්‍යන්තර අධිකරණයට යනවා නැත්නම් එලවලා දානවා”
යනුවෙන් සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස් .එම් මරික්කාර් විසින් අද පැවති මාධ්‍ය සාකච්චාවකට එක්වෙමින් ප්‍රකාශ කලේය.
එමෙන්ම “ඇමරිකාවත් කියනවා මැතිවරණ පවත්වන්න කියලා.
ජනාධිපති කියනවා IMF එනවා කියලා එයා සංචිතය වැඩි කර කර ඉන්නේ මෙයාට ජනාධිපතිවරණය කැදවන්න බෑ. සංචිතය වැඩිකරන එක ඕනේ කෙනෙක්ට කරන්න පුලුවන්. මෙයාට ණය හම්බුනත් එකයි නැතත් එකයි ජනාධිපති කමේ ඉන්න ඕනේ” යනුවෙන්ද මරික්කාර් මන්ත්‍රීවරයා විසින් වැඩිදුරටත් අදහස් දැක්වීය.