චීනයෙන් පැන්ඩා පැටවුන් දෙදෙනෙකු වොෂින්ටන් ඩීසී හි ස්මිත්සෝනියන් ජාතික සත්වෝද්‍යානයට ලබා දීමට නියමිත බව එම සත්වෝද්‍යානය නිවේදනය කළ බව විදෙස් මාධ්‍යයේ සඳහන්.
ඒ අනුව අවුරුදු දෙකක පිරිමි පැන්ඩාවෙක් වූ “Bao Li” සහ අවුරුදු දෙකක ගැහැණු පැන්ඩාවෙක් වූ “Qing Bao” මේ වසර අගදී අමෙරිකා එක්සත් ජනපද අගනුවරට ගෙන ඒමට නියමිතයි.
චීනය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර යම් යම් විරසක තිබුණත් චීනයේ මෙම පරිත්‍යාගය සමඟ දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවයේ නවතම පරිච්ඡේදයක් සනිටුහන් වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වාදෙනවා.
මෙම පැන්ඩන්ගේ පැමිණීම චීන වනජීවී සංරක්ෂණ සංගමය (CWSA) සමඟ අත්සන් කරන ලද නව ගිවිසුමක ප්‍රතිඵලයක් බව එම සත්වෝද්‍යානය පවසනවා.
පැන්ඩන් සහ ඔවුන්ගේ ඕනෑම පැටවෙකු චීනයේ හිමිකාරීත්වය යටතේ පවතිනු ඇති බවත් උපදින ඕනෑම පැටවෙකු වයස අවුරුදු හතර වන විට නැවත චීනයට ගෙන යනු ඇති බවත් විදෙස් මාධ්‍යයේ සඳහන්.
ජාතික සත්වෝද්‍යානය පවසා ඇත්තේ මහජනතාව වෙත එම පැන්ඩන් නැරඹීමට සූදානම් කළ පසු නිවේදනයක් මගින් ඒ බව දැනුම් දෙන බවයි.