ගොනාකෝවිලේ රොහා අල්ලන්න පොලිසිය ජරාව කාලද

පාතාල කල්ලි නායක ගොනාකෝවිලේ රොහා අත්අඩංගුවට ගැනීම සඳහා තොරතුරු ලබාදුන් පොලිස් පරීක්ෂකවරයා, කුඩු අංජු නැමැත්තාගෙන් රුපියල් ලක්ෂ 350ක මුදලක් ලබාගෙන ඇති බවට පලවන වාර්තා සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවට වාර්තා පළ වනවා.

2020 වසරේ සැප්තැම්බර් මස 24 වනදා පොලීසිය සමග සිදු වූ වෙඩි හුවමාරුවකදී ගොනාකෝවිලේ රොහා ජීවිතක්ෂයට පත්වුණා.

රොහා අත්අඩංගුවට ගැනීමට පෙර ගිනිඅවි දෙකක් පද්මලාල් නමැති පොලිස් නිලධාරියාගේ සමීපතමයෙකු වෙත ඇල්ටෝ ධර්මේ නමැත්තා ලබාදී ඇතැයි යන කරුණක් සම්බන්ධයෙන් තොරතුරු හුවමාරු වී තිබෙනවා.

මේ අතර, ගොනාකෝවිලේ රොහා පොලිස් වෙඩි පහරින් මියයාමෙන් පසු පොලිස් පරීක්ෂක පද්මලාල් බවට පැවසෙන පුද්ගලයා, ඇල්ටෝ ධර්මේගෙන් රුපියල් ලක්ෂ 350ක් ලබාගත් බවට පැවසෙන දුරකථන සංවාදයක් ද දෙරණ නාලිකාව සිය පුවත් ඔස්සේ විකාශය කර තිබෙනවා.

මෙම දුරකථන සංවාදවලදී තමන්ගේ නම භාවිත කරමින් පාතාල කල්ලි සාමාජිකයන්ගෙන් මුදල් ලබාගන්නා පද්මලාල් නැමැති පොලිස් පරීක්ෂකවරයා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයට ලිඛිතව පැමිණිලි කර තිබෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඒ අනුව සිදුකළ විමර්ශන සඳහා අදාළ පොලිස් පරීක්ෂකවරයාට අවස්ථා දෙකකදී කට හඬ පරීක්ෂා කිරීම සඳහා රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පැමිණෙන ලෙස අධිකරණය මඟින් දැනුම් දුන්නද ඔහු ඒ සඳහා ගොස් නැති අතර අපේක්ෂිත ඇප අයදුම්පතක් කොටුව මහෙස්ත්‍රාත්වරයා වෙත යොමු කළා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!