ගුරුවරු සටනට බසී . ස්ටාලින් ආණ්ඩුවට දින දෙයි.

පාසල් පවත්වන කාල සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ගෙනඇති තීරණය අනිවාර්යයෙන් වෙනස් කළ යුතු බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසයි. තම සන්ධානය ඒ සඳහා ලබන 07 වන දින දක්වා රජයට කල් ලබාදෙන ඔවුන් පවසයි .

ඔවුන් පෙන්වා දෙන්නේ එම තීරණය වෙනස් නොකළහොත් දෙසැම්බර් පළමු සතිය තුළ දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බවය. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මේ බව සඳහන් කළේය.