ගාල්ල ජාතික රෝහලේ කණිෂ්ඨ සේවක මණ්ළය විසින් සංවිධානය කරන ලද සංගීත සංදර්ශණයක් පසුගියදා මධ්‍යම රාත්‍රිය ඉක්මවන තුරු පැවත්වීම නිසා එහි රෝගීන් බරපතල අපහසුතාවයකට පත්වු බව වාර්තා වේ .
රෝහල් පරිශ්‍රයේ ගොඩනැගිළි අතර පැවැති මෙම සංගීත සන්ධ්‍යාව සඳහා විශාල හඬක් නිකුත්වෙන ශබ්ද වාහිනී උපකරණ භාවිත කර තිබුන අතර, ඒවායෙන් නැගෙන හඬට අමතරව රිද්මයානුකූලව දැල්වෙන විදුලි බුබුළුවල ආලෝකයෙන්ද රෝහීන්ට මුළුරැයම නිදි වර්ජිතව ගෙවීමට සිදුවූ බව නේවාසිකව සිටි රෝගීන් කිහිපදෙන්කුම අප වාර්තාකරුවන්ට පවසා ඇත .
ශ්‍රී ලංකාවේ ක්‍රියත්මක නිතියට අනුව රීත්‍රී 10 න් පසු මේ ආකාරයේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය වරදක් වෙයි. එවනි වරදක් කරන්නෙක් පැමිණිල්ලකින් තොරව අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නට පොලිස් නිළධාරින්ට බලය හිමිවෙයි .
මෙවැනි ශබ්දවාහිනී භාවිතා කිරීම් වලට එරෙහිව ලබාදුන් අධිකරණ තීන්දු ගනණාවක් තිබෙන අතර, ඒ කිසිත් නොතකා රෝහල් පරිශ්‍රයේ ස්ථානගතකර ඇති රෝහල් පොලිසිය කටයුතු කර ඇති බවට රෝගීහු චෝදනා කරති .
ගාල්ල ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාද රෝගීන්ට වන පිඩාව නොතකා කටයෞතු කිරීම ගැන ඔහුන් සිය මවිතය පලකරති. මේ ආකාරයේ සංගීත සන්දර්ශන රෝහල තුළ පැවැත්වීම ගාල්ල ජාතික රෝහලේ සප්‍රදායක් බවට පත්වෙමින් ඇති බව පෙනෙන්නට තිබේ. මීට ටික කලකට පෙර ගාල්ල ජාතික රෝහලේ හෙද කාර්ය මණ්ඩලයේ පිරිසක්ද මෙවැනිම සංගීත සන්දර්ශනයක් ගාල්ල ජාතික රෝහල් පරිශ්‍රය තුළ පවත්වා අතිබව වාර්තා වේ.