ගල්කිස්සේ පොලිස් පොඩ්ඩා පිලියන්දලට මාරු කරයි.

ගල්කිස්ස අධිකරණ භූමියේදී නීතිඥවරයෙකු සමග ඇතිවූ සිද්ධියට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයාට ස්ථාන මාරුවක් ලබාදී ඇතිබව වාර්තා වේ .

ඒ අනුව ඔහු ගල්කිස්ස පොලිස් ස්ථානයේ සිට පිළියන්දල පොලිස් ස්ථානයට ස්ථාන මාරු කර තිබේ.

නීතීඥවරයෙකුට පහරදීමේ සිද්ධියට අදාලව ඉකුත් 10 වෙනිදා රක්ෂිත බන්ධනාගාර ගතකළ ඔහු ඊයේ ලක්ස දෙකක ශරීර ඇප මත මුදාහරින ලදි.