ගනේමුල්ලේ සංජීව ඝාතනයට උදව් කළ නිතීඥවරිය පද්මේගේ නඩුවලට පිනී සිටි බව හෙළිවේ.

ගණේමුල්ල සංජීව ඝාතනයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනුණු නිතීඥවරිය මින්පෙර කෙහෙල්බද්දර පද්මේගේ නඩු සඳහාද පෙනීසිට ඇතැයි අනාවරණ වී තිබේ.

කෙහෙල්බද්දර පද්මේ විසින් සැකකාර නීතිඥවරියට රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබාදී ඇතැයි සැකකෙරෙන අතර, ඒ අනුව අධිකරණ නියෝග මත ඇයගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමටත්, ඇයගේ දුරකථන විශ්ලේශන වාර්තා ලබා ගැනීමටත් පියවර ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.