ගංවතුර මැද ශිෂත්ව විභාගය අද

‍05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද පැවැත්වේ.

මෙවර ‍05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අපේක්ෂකයන් 337,956 දෙනෙකු පෙනී සිටීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

විභාගය, මධ්‍යස්ථාන 2888ක දී පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසයි.

ජල ගැලීම් හේතුවෙන් පීඩාවට පත්වූ මාතර, අකුරැස්ස සහ මුලටියන අධ්‍යාපන කලාපවල විභාග අපේක්ෂකයන්ට ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා විභායට පෙනීසිටිමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා සඳහන් කර ඇත.

එමෙන්ම විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටිනුයේ, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය – 2023 මාතර දිස්ත්‍රික්කයට බලපා ඇති ආපදා තත්ත්වය මත විභාග මධ්‍යස්ථාන සංශෝධනය කර ඇති බවයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *