ඛනිජ තෙල් සභාපති ඉල්ලා අස්වෙයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ මොහොමඩ් උවයිස් ඉල්ලා අස්වී තිබේ.

උවයිස් සිය ඉල්ලා අස්වීමේ ලිපිය විදුලි හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාට යොමු කර තිබේ.

ඔහුගේ ඉල්ලා අස්වීම පිළිබඳව කාංචන විජේසේකර විසින් සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබා ඇත. එය පහත පරිදි වේ,

“මොහොමඩ් මහතා හෙට සිය නිල කාලය අවසන් වන බැවින් සමුගැනීම සඳහා අද සවස අමාත්‍යාංශයට පැමිණියේය. පෞද්ගලික සහ වෘත්තීය බැඳීම් හේතුවෙන් ඔහු ඉල්ලා අස්වීම පිළිබඳ දැනුම් දී ඇත.”

“CPC සහ CPSTL හි සභාපති ධූරය මාස 14කට පෙර, වඩාත්ම අභියෝගාත්මක අවස්ථාවන්හිදී, ඔහුගේ ධූර කාලය තුළදී ඔහු විසින් කරන ලද කැපවීම සහ සේවාවන් සඳහා මා විසින් කරන ලද ඉල්ලීමකට අනුව පිළිගැනීම පිළිබඳව මම ඔහුට ස්තූතිවන්ත වීමට කැමැත්තෙමි.”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *