කොවිඩ් JN-1 උප ප්‍රභේදය ශ්‍රී ලංකාවේ පැතිරීමට ඇති ඉඩ ඉතා අඩුයි

කොවිඩ් JN-1 උප ප්‍රභේදය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීමේ අවදානම දැනට ඉතා අඩු මට්ටමක පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ පවසයි .

කෙසේ වෙතත්, මෙම අවදානම තක්සේරු කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කළාපීය කාර්යාලය සමඟ එක්ව ජාන පරීක්ෂණ සිදු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය වෛද්‍ය පර්යේෂණ ආයතනයට නියෝග කර ඇත .

ඊට අමතරව දිවයිනේ ප්‍රධාන පෙළේ ‍රෝහල් ආශ්‍රිතව COVID-19 හඳුනාගැනීම සඳහා වන පරීක්ෂණ ඉහළ දැමීමටද පියවරගෙන ඇතිබව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි .

මෑත කාලීන පරීක්ෂණ මගින් සැලකිය යුතු ලෙස අඩු COVID-19 රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව එම අටංචිමාර්ග වැඩි දුරටත් පවසයි .

මෙම තත්ත්වය ඉතා සතුටුදායක ප්‍රවණතාවක් වන බැවින් රෝගයෙන් වැලකීමේ පියවර පිළිපැදීමේ වැදගත්කම සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරනය කරයි. ඉන්ෆ්ලුවෙන්සා සහ ශ්වසන රෝග පැතිරීම මැඩපැවැත්වීම සඳහා මුහුණ ආවරණ පැළඳීම, නිතර අත් සේදීම, දුරස්ථභාවය පවත්වා ගැනීම සහ නිසි කැස්ස සහ කිවිසුම් ආචාර විධි පිළිපැදීම වැනි දේ ඒ අතර වන වෙයි