කොට්ටහච්චිට අතීතය අමතක වෙයි .

සත්‍යය යයි තහවුරු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති කරුණු සමාජගත කිරීම බරපතළ අපරාධයක් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ඨාච්චි පැවසූවාය . ඇය මේ බව සඳහන් කළේ අන්තර්ජාල නාලිකාවක පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.

“යම් කරුණක් සත්‍ය යැයි පවසමින් සමාජගත කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැතිව එය සිදු කරන්නේ නම්, එවැනි පුද්ගලයෙකු තරම් තවත් අපරාධකරුවෙකු නැහැ. අධිකරණ නඩුවකදී වුවත් තීන්දුවක් ලබා දෙන්නේ පැමිණිල්ල සහ විත්තිය යන දෙපාර්ශවයේම සාක්ෂි විමසීමෙන් අනතුරුවයි.
එක් පාර්ශවයක කතාවක් පමණක් අසා, එහි සත්‍ය අසත්‍යතාව සොයා නොබලා තොරතුරු ප්‍රචාරය කිරීම බරපතළ වරදක්. පුද්ගලයෙකු පවසන දේ පමණක් විශ්වාස කර නිසි විමර්ශනයකින් තොරව දේවල් සමාජගත කිරීමෙන් විශාල හානියක් සිදුවිය හැකියි.”

රාජපක්ෂවරුන් ගේ මුදල් උගන්ඩාවේ ඇතිබවත් ඒවා නැවත ගෙන ඒමට ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් පත්කළ යුතුබවත් නිලන්තී හොට්ටහච්චි මැතිවරණ සමයේ පැවසූ අතර පසුව ඇය සඳහන් කළේ රාජපක්ෂවරුන් සතු එවැනි මුදලක් උගන්ඩාවේ නොමැති බවය .