කේට් කුමරිය රාජකීය කටයුතුවලට සමු දෙයි

පිළිකා රෝගයට ගොදුරු වීම හේතුවෙන් බ්‍රිතාන්‍ය රජ පවුලේ කේට් කුමරිය රාජකීය කටයුතුවලට නැවත් කිසි දිනක සහභාගී නොවනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

42 හැවිරිදි බ්‍රිතාන්‍යයේ මීළගට කිරුළ හිමි විලියම් කුමරියගේ බිරිඳ වන කේට් කුමරියට පිළිකා රෝගය වැළඳී ඇති බව පසුගිය මාර්තු මාසයේ දී අනාවරණය වී තිබුණා.

ඉන් පසු ඇය සියලුම මහජන උත්සවවලින් ද ඉවත් වී සිටි බවයි විදෙස් මාධ්‍යයේ වැඩිදුරටත් දැක්වෙනේ.

මේ වන විට ඇයගේ පිළිකා රෝගයට කිමෝ තෙරපි ප්‍රතිකාර කරන බවත්, රෝගයේ මුල් අදියරේ පවතින බවත් වාර්තා වෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!