කුවේටයේ ප්‍රධාන වරායට ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයක්

අද පෙරවරුවේ එල්ලවූ ඩ්‍රෝන ප්‍රහාරයකින් කුවේටයේ ප්‍රධාන වාණිජ වරායට හානි සිදු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි . එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරානයට එල්ල කරනා ප්‍රහාරවලට පළිගැනීමක් ලෙස ඉරානය ගල්ෆ් කළාපයේ රටවල් ඉලක්ක කර එල්ලකරනා ප්‍රහාර මාලාවට මෙම ඩ්‍රෝන ප්‍රහාරය අයත්වන බව එම මාධ්‍ය පවසයි .

ෂුවයික් වරාය අලුයම ඉලක්ක කර ගත්තේ සතුරු ඩ්‍රෝන ප්‍රහාරයෙන් ගොඩනැගිළි වලට හානි සිදුවුවද ජීවිත හානි කිසිවක් වාර්ත නොවනා බව කුවේට් වරාය අධිකාරිය X පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි .

කුවේටයේ පොදු වැඩ අමාත්‍යාංශයට අනුව, රටේ උතුරේ තවමත් ඉදිවෙමින් පවතින දෙවන වරායක් වෙතද අද ප්‍රහාරයක් එල්ල වී ඇත .