කුමාර ජයකොඩි කළ ඉල්ලීමට අල්ලස් කොමිසමේ එකඟතාවය.

වසර 2015 දී පොහොර සංස්ථාවේ සේවය කරද්දී එහි අරමුදල් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් තමන්ට එල්ල වී ඇති චෝදනා පිළිබඳව කරුණු දැක්වීමක් සිදු කිරීම සඳහා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් අවසර ඉල්ලා ඇති බව සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.

එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් කොමිෂන් සභාව අමාත්‍ය කුමාර ජයල්කොඩිට දන්ව ඇත්තේ අවශ්‍ය නම්, ලිඛිතව එම කරුණු ඉදිරිපත් කළ හැකි බවයි.

කෙසේ වෙතත් අමාත්‍යවරයාගේ එම ඉල්ලීම හේතුවෙන් ඔහුට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීම තවදුරටත් ප්‍රමාද වීමට ඉඩ ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත පවසයි.

මීට පෙර, රුපියල් මිලියන 8 ක මුදල් අපයෝජන චෝදනා සම්බන්ධයෙන් අමාත්‍යවරයාට සහ තවත් දෙදෙනෙකුට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට කොමිෂන් සභාව විසින් අනුමැතිය ලබා දී තිබුණි.