කුමන්ත්‍රණයක් ගැන චෝදනා

වත්මන් නීතිපති සංජේ රාජරත්නම් මහතාට මාස 6ක සේවා දිගුවක් ලබා දීමට තීරණය පසුපස කුමන්ත්‍රණයක් ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා චෝදනා කරනවා.

එම සේවා දිගුවට අදාළ ජනපතිගේ නිර්දේශ ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය සඳහා යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

වත්මන් නීතිපති සංජේ රාජරත්නම් මහතාගේ ධුර කාලය දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් අවසන් තීරණය ලබන අඟහරුවාදා ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීරණය කර තිබෙනවා.

මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා චෝදනා කරන්නේ මැතිවරණයට මාස කිහිපයක් තිබියදී වත්මන් නීතිපතිගේ ධුර කාලය මාස 6කින් දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය පිටුපස යම් කුමන්ත්‍රණයක් පවතින බවටයි.

සංජය රාජරත්නම් ගේ ධුර කාලය ලබන 27වනදා අවසන් වීමට නියමිතයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!