කුඩු සළිඳුගේ ගෝලයෝ දෙදෙනෙක් ජයටම කළ සෙල්ලම

සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන පානදුර කුඩු සළිඳු නමැත්තාගේ ගෝලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්යය බළකාය විසින් සිදුකළ මෙහෙයුමක දී පානදුර දකුණ නල්ලූරුව ප්‍රදේශයේ දී යතුරුපැදියක් සමග එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

ඔහු සතුව තිබී රිවෝල්වර් අවි සඳහා භාවිත කරනු ලබන සජීවී පතරොම් 20ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 400ක් හා මත්ද්‍රව්‍ය අලෙවියෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 42කට අධික මුදලක් සොයාගෙන තිබෙනවා.

සැකකරුගෙන් සිදුකරන ලද ප්‍රශ්නකිරීම්වලදී නිවසක සිට එම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවමින් ආධාර අනුබල ලබාදුන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය වැඩිදුරටත් පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කුඩු සළිඳු නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවයි පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

එම සැකකරුවන් දෙදෙනා කුඩු සළිඳුගේ, ඩුබායි හි සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන මෙහෙයවන ප්‍රධාන ගෝලයින් දෙදෙනෙකු යටතේ ලංකාවේ මත්ද්‍රව්‍ය බෙදාහරිනු ලබන පුද්ගලයින් බව පොලීසිය සිදුකළ විමර්ශනවල දී වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා.

සැකකරුවන් සම්බන්ධයෙන් පානදුර දකුණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!