කැඳ දන්සැලට එරෙහි රජයේ බලධාරීන්ගේ ක්‍රියාවන් ගැන කම්පා වෙනවා – කරු ජයසූරිය

යුද සමයේ මරණයට පත් වූ සහ අතුරුදන්වීම්වලට ලක් වූ ශ්‍රී ලාංකේය පුරවැසියන් සිහිපත් කරමින් මුතූර් ප්‍රදේශයේ කැඳ දන්සැලක් සංවිධානය කිරීමට එරෙහිව රජයේ බලධාරීන් දක්වා ඇති ප්‍රතික්‍රියාවන් පිළිබඳව අතිශයින්ම කම්පාවට පත්වන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා පවසනවා.

සිය සමීපමයන් මරණයට පත්වීම හා අතුරුදන්ව සිටීම පිළිබඳව වින්දිත පාර්ශ්වයන්ට ඇති වේදනාව සමාජයක් ලෙස අප සංවේදීව වටහා ගත යුතු බවත් එමෙන්ම එවැනි තත්ත්වයන් මේ රට තවත් අඳුරු යුගයකට යොමුකරවීම සඳහා ඉවහල් නොකර ගැනීමද සමාජයේ වගකීමක් බවත් නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරනවා.

මෙවන් අවස්ථාවන්හිදී රජයේ බලධාරීන් ඇතුළු සමස්ත සමාජයම කටයුතු කළ යුතුව ඇත්තේ රටේ පොදු යහපත පෙරදැරි කොටගෙන බවත් එසේ නොවුනහොත් එය අප රට නැවත අඳුරු යුගයකට තල්ලුකර දැමීමට ද හේතු සාධක විය හැකි බවත් පෙන්වාදෙනවා.

පසුගිය කාලය තුළ රටේ විවිධ අවාසනාවන්ත තත්ත්වයන් තුළ මියගිය හා අතුරුදන්වූවන් සියළුම දෙනා පිළිබඳව කම්පාවට හා වේදනාවට පත්වන බවත් නැවත එවැනි තත්ත්වයන් ඇති නොවීමට පරිසරයක් නිර්මාණය කරගැනීම හරහා ඔවුන් සියළුම දෙනා වෙත යුක්තිය ඉටුකිරීමට කැපවන ලෙස සියළුම පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවත් එම නිවේදනයේ සඳහන්.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!