කැඩුනේ මොරගහකන්ද ලග්ගල පාලමද නැතිනම් ඉවුරද .

පැවති අයහපත් කාලගුණ තත්ත්වයෙන් ලග්ගල සහ මොරගහකන්ද යා කළ පාලමට හානි වූ බවට පළවූ පුවත පිළිබඳව මතබේදාත්මක තත්ත්වයක් උදාවී ඇත .

මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමග පැමිණි මහා ජලකඳ විසින් පාලම ගොඩබිමට සම්බන්ධව තිබූ එක් අන්තයක ඉවුරෙන් කොටසක් ගැලවී ගොස් ඇති බව මැතක දී නිකුත්වූ සමීප චායාරූප සහිත වීඩියෝවකින් තහවුරු වෙයි . ඒ අනුව සිදුව ඇත්තේ පාලම ගොඩබිමට සම්බන්ධව තිබූ එක් ඉවුරක් ජලපහරින් ඛාදනය වී ජල පහර පුළුල් වීම නිසා පාලම එම අන්තයේ ගොඩබිමෙන් වෙන් වීම බව පැහැදිළි වෙයි .

ඡායාරූපයේ රතු කොටුවෙන් වෙන් කර ඇත්තේ පාලම ගොඩබිමේ ඉවුරට සම්බන්ධව තිබූ ස්ථානයයි