කාන්තාවකගේ කෝටි ගණනක දේපළ පොලිසියට දෙන්න වෙයි

කාන්තාවකට අයත් රුපියල් කෝටි 13කට අධික වටිනාකමකින් යුත් ගාල්ල දඩල්ලේ සිවු මහල් ගොඩනැගිල්ලක් ද අක්මිමණ අංකොක්කාවල පිහිටි අක්කර එකයි පර්චස් අටක තේ සහ කෝපි ඉඩමක් ද මුදල් විශුද්ධිකරණය වැළැක්විමේ පනත යටතේ ගාල්ල පොලිසිය විසින් තහනම් කරනු ලැබුවා.

ගාල්ල පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශය මෙම දේපළ සම්බන්ධයෙන් විමර්ශනයක් කර තිබෙනවා.

එහිදී එම දේපළවල හිමිකාරිය වන අක්මීමණ අරුණෝදයගම පදිංචි 35 හැවිරිදි කාන්තාව එම දේපළ මිලදී ගැනීමට මුදල් උපයාගත් ආකාරය හෝ මුදල් ලැබුණ ආකාරය හෝ පිළිබඳව අනාවරණය කිරීමට අපොහොසත්ව තිබුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!