හිටපු සභාපතිවරු ක්‍රිකට් ගොඩගන්න එක් වෙති

ක්‍රීඩා පනතේ සංශෝධන නියෝග පිළිබඳව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිහිටවීමෙන් පසු තේරී පත්වුණු සහ ක්‍රිකට් අතුරු පාලක මණ්ඩල සඳහා තේරී පත්වුණු සියලුම සභාපතිවරුන් සහ ලේකම්වරුන්ගේ මතය විමසීමේ සාකච්ඡාවක් ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්විණ.

පසුගිය දෙසැම්බර් මස 14 දින ක්‍රීඩා අමාත්‍යා රොෂාන් රණසිංහ විසින් ප්‍රකාශයට පත් කළ ක්‍රීඩා පනතේ සංශෝධන නියෝග සියල්ල එකින් එක මෙහිදී සාකච්ඡා කළ අතර එම නියෝග සියල්ල සඳහාම හිටපු සභාපතිවරුන්ගේ කැමැත්ත ප්‍රකාශ කරනු ලැබූ බව වාර්තාවේ.

ඒ පිළිබඳව තමා ඉතාමත් සතුටට පත්වන බවත් ඉදිරියටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළින් ඔසවා තැබීමට හිටපු සභාපතිවරුන්ගෙන් ලැබෙන සහාය ඉතා අගය කොට සලකන බවත් රොෂාන් රණසිංහ ක්‍රීඩා අමාත්‍යාවරයා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තරයේ ඇති වැදගත් තොරතුරු රැසක් ගැඹුරින් අධ්‍යනය කිරීමට මෙම සාකච්ඡාවේ දී හැකිවූ බවත් එම කරුණු අනාගතයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ නැංවීම සඳහා පරිපාලනමය වශයෙන් ගතයුතු තීන්දු තීරණ ගැනීමේ දී ද, ගමේ සිට ක්‍රිකට් ක්‍රීඩකයින් ජාතික තලයට ගෙන ඒමේ යාන්ත්‍රණය සකස් කිරීමේ දී ද, ඉතා වැදගත් වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *