කරපිංචා කඩන්නට ගිය අම්මයි දුවයි විදුලි රැහැනට බිළිවෙයි .

ගලහා, නවනැලිය කිරිබෝගහඉන්න ප්‍රදේශයේදී විදුලි සැර වැදී මවක් සහ දියණියක් මියගොස් ඇති බව පොලීසිය පවසයි.

කරපිංචා ගසක කරපිංචා කඩමින් සිටියදී, බිම වැටී තිබූ විදුලි රැහැනක ගැටීම හේතුවෙන් දෙදෙනාට විදුලි සැර වැදී මෙම මරණ සිදුව ඇත . අද උදෑසන 10 ට පමණ මෙම සිදුවීම සිදුව ඇතිබවත් මියගිය මව 46 හැවිරිදි වියේත් දියණිය 13 වැනි වියේත් පසුවූ බව වාර්තා වේ

සිද්ධිය සම්බන්ධයෙන් ගලහා පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි .