මීරිගම, විල්වත්ත දුම්රිය හරස් මර්ගයේ දී කන්ටේනරයක් දුම්රියක ගැටීම හේතුවෙන් ප්ර්රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.
පොල්ගහවෙල සිට කොළඹ බලා ධාවනය වූ කාර්යයාල දුම්රියක මෙම කන්ටේනරය ගැටී ඇති අතර, දුම්රියේ ගැටුණු කන්ටේනරය මීටර් 100 ක් පමණ දුරකට දුම්රිය සමග ඇදී ගොස් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.
මේ හේතුවෙන් දුම්රිය රැසක් ප්රමාද වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
අනතුරින් දුම්රිය එන්ජිමේ රෝදවලට, දුම්රිය එන්ජිමට, දුම්රිය සංඥා, විදුලි රැහැන් කණු සහ දුම්රිය ගේට්ටුවලට හානි සිදුව ඇති බවත්, එය කඩිනමින් ප්රතිසංස්කරණය කිරීමට පියවර ගන්නා බවත්, දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.