කඩුගන්නාවෙ රොටී කඩයට ගලක් පෙරලීමෙන් 6 දෙනෙක් මරුට.

පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ සිදුවු නායයෑමෙන් සුන්බුන් අතර සිරව සිටි තවත් දෙදෙනෙකුගේ මළ සිරුරක් සොයා ගෙන ඇතිබ්ව වාර්තා වේ . ඒ අනුව මෙම නායයෑමෙන් මේ දක්වා මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 06ක් දක්වා ඉහළ ගොස් ඇත.

එමෙන්ම, අනතුරින් තුවාල ලබා 05 දෙනෙකු රෝහල්ගත කෙරුණා. මේ සමඟම අදාල ස්ථානයේ සෝදිසි මෙහෙයුම් නතර කිරීමටයි තීරණය කර තිබෙනවා.

කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ පිහිටි නිවසක් හා රොටී කඩයක් මතට විශාල ගලක් සමඟ පස් කන්දක් අද (22) පෙරවරු 8.45 ට පමණ කඩා වැටීමෙන් මේ අනතුර සිදුවිය .

දුම්රිය මාර්ගයට පහළින් වූ විශාල ගලක් තවත් ගල් කිහිපයක් ද සමඟ නිවස හා කඩය මතට වැටීමෙන් මෙම අනතුර සිදුවූ අතර, එහිදී කඩය තුළ සිරවී සිටි පිරිස් මුදා ගැනීම සඳහා පොලිසිය, යුද හමුදාව, ප්‍රදේශවාසීන් සහ සෞඛ්‍ය අංශ එකතුව විශාල උත්සහයක් ගන්නා ලදි .

මේ අතර, සිදුවූ අනතුරත් සමග තාවකාලිකව වසා දැමුණු කොළඹ – මහනුවර මාර්ගයේ මාවනැල්ල සහ පහළ කඩුගන්නාව අතර කොටස හෙට දිනය දක්වා වසා දමන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජගත් එම් හේරත් පැවසීය .