ඖෂධ නියාමන අධිකාරියේ හිටපු CEO පොලිස් දැලේ

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතා රහස් පොලිසිය විසින් ඊයේ (08) රාත්‍රීයේදී අත්අඩංගුවට ගත්තා.

ඒ,ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්.

පැය 11 ක පමණ කාලයක් පුරා ප්‍රශ්න කරමින් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව රහස් පොලිස් නිලධාරීන් විසින් රාත්‍රී 9.00ට පමණ ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!