ඔබත් O/L අපේක්ෂකයෙක් ද? – හැඳුනුම්පත ගැන දැනුම්දීමක් මෙන්න

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් සඳහා පමණක් හෙට දින පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය,ගාල්ල, කුරුණෑගල, වවුනියාව, මඩකලපුව හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවල පිහිටි පළාත් කාර්යාල විවෘතව තැබෙන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා.

හෙට (04) පෙරවරු 8.30 සිට පස්වරු 1.00 දක්වා එම කාර්යාල විවෘතව තැබෙනවා.

මේ වන තෙක් ජාතික හැඳුනුම්පත් ඉල්ලුම්පත් ඉදිරිපත් නොකළ ඉල්ලුම්කරුවන්, විදුහල්පති හෝ ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද, නිසි ලෙස සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත් රැගෙන පැමිණිය යුතු බවයි එම දෙපාර්තුමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

අදාළ තොරතුරු තහවුරු කිරීමේ ලිපිය www.drp.gov.lk වන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියට පිවිස භාගත කර ගන්න

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!