එ.ජා.ප – ස.ජ.බ සන්ධානයේ නායකයා සජිත්. රනිල්ට උපදේශක කම විතරයි.

සමගි ජන බල­වේ­ගය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව ගොඩ­න­ඟන සන්ධා­නයේ නාය­ක­ත්වය සජිත් ප්‍රේම­දාසට හිමි විය යුතු බවත්, එහි උපදේශක ධුරය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබාදෙන බවත් සමගි වනිතා බල­වේ­ගයේ ලේකම් පාර්ලි­මේන්තු මන්ත්‍රිනි චමි­න්ද්‍රානි කිරි­ඇල්ල පැව­සු­වාය.

ඇය මේ බව පැව­සුවේ මාධ්‍ය හමුවේ අද­හස් දක්ව­මිනි.

“පක්ෂ දෙකේ එක­තුව සඳහා වන මූලික සාකච්ඡා මේ වන විට සාර්ථ­කව සිදු වෙමින් පව­ති­නවා. හිටපු ජන­පති රනිල් වික්‍ර­ම­සිංහ බොහෝ දුරට එහි උප­දේ­ශක ලෙස කට­යුතු කරයි. සක්‍රිය දේශ­පා­ල­නයේ නිරත වෙන්න බලා­පො­රො­ත්තු­වක් නැති බව හිටපු ජනා­ධි­පතිවරයා ප්‍රකාශ කර තිබුණා. මේ වන විට පක්ෂ දෙක බිම් මට්ට­මින් එකතු වෙමින් තිබෙ­නවා. හරි වෙලා­වට ඉහළ නාය­ක­ත්වය එක­තු­වීම සිදු වෙයි. විපක්ෂ නායක ලෙස කට­යුතු කරන සජිත් ප්‍රේම­දාසට මේ සන්ධා­නයේ නාය­ක­ත්වය හිමි විය යුතුයි කියන එක තමයි අපේ ස්ථාව­රය.” ඇය පවසූවාය.