එඬේරමුල්ල දුම්රිය හරස් මාර්ගයේ තවත් අනතුරක්

එඬේරමුල්ල දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ ත්‍රී රෝද රථ රියදුරු ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

දුම්රියක් එන බවට සංඥාවන් දැල්වී තිබුණත් අපරීක්ෂාකාරී රිය පැදවීම නිසා මෙම අනතුර සිදුව තිබෙනවා.

ඊයේ (08) උදෑසනද එම ස්ථානයේදීම මෝටර් රථයක් දුම්රිය දෙකක ගැටීමෙන් මාරක රිය අනතුරක් සිදුවුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!