එංගලන්තයට අමිහිරි පරාජයක්

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර ඊයේ (08) පැවැති තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා.

එම තරගයේ කාසියේ වාසිය දිනු එංගලන්ත කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමෙ සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ආරාධනා කළ අතර ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දු ඕවර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 201ක් රැස් කළා.

එහිදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ඩේවිඩ් වෝනර් ලකුණු 39ක් රැස්කළ අතර මිචෙල් මාෂ්ට රැස්කර හත හැකි වූයේ ලකුණු 35ක් පමණයි.

පන්දු යැවීමේදී ක්‍රිස් ජෝර්ඩන් කඩුලු 02ක් දවාගනු ලැබුවා.

ලකුණු 202ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායමට නියමිත පන්දු ඕවර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස්කරගත හැකි වුයේ ලකුණු 165ක් පමණයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!