උල්හිටිය – රත්කිඳ ද්විත්ව ජලාශයේ වාන් දොරටු සියල්ල විවෘත කරයි

මහවැලි සී කාළාපයට අයත් ගිරාඳුරුකෝට්ටේ උල්හිටිය – රත්කිඳ ද්විත්ව ජලාශයයන් පිටාර මට්ටමට ලඟාවීම හේතුවෙන් එහි වාන් දොරටු සියල්ලම අඩි තුන බැගින් විවෘත කිරීමට සිදුව ඇතිබව ජලාශභාර ස්ථානභාර නිලධාරී ඉංජිනේරු දීප්ත චන්දන ජයසේකර පැවසීය.

සීඝ්‍රයෙන් ඉහළ යන ජල මට්ටම හේතුවෙන් රඳවාගත යුතු ධාරිතා මට්ටම ඉක්මවා යාම වළක්වා ගැනීමට මේ දිනවල විටින් විට ජලාශයන්ගේ වාන් දොරටු විවෘත කරන බවද විවෘත කරන අවස්ථාවේදී රත්කිඳ කෝසුව හරහා ගමන් කිරීම අවදානම් බැවින් අවදානම් නිවේදන පිළිබඳව ජනතාවට විශේෂයෙන් සැළකිලිමත් වන ලෙසද ඔහු පැවසීය.

කවීෂා විදානගමගේ