වර්තමානයේදී රටේ ඇතිව තිබෙන බංකොලොත් තත්ත්වයට ජනාධිපතිවරයකු ලෙස කටයුතු කළ විපක්ෂනායකතුමාගේ පියාත් වගකිව යුතු බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.
කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද (21) රැස්වූ අතර එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මේ බව සඳහන් කළේය.
පොදුජන පෙරමුණ බිහිවූයේ මැතකදි බවත්, ඊට වඩා කාලයක් විපක්ෂ නායකවරයා අමාත්‍ය ධුර හොබවා ඇතිබවත් ඔහු පැවසීය. න්‍යායපත්‍රයට අනුකූලව කටයුතු කරනා මෙන් විපක්ෂ නායකයාගෙන් ඉල්ලා සිටි අමාත්‍යවරයා උදේ පාන්දර පැමිණ පිස්සු නටන්න එපායයි විපක්ෂනායකයාට පවසන ලෙස කථා නායකගෙන් ඉල්ලා සිටියේය.
ජනාධිපතිවරයා සමග පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු කිහිපදෙන්ක් විදෙස්ගත වීම පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.