මෑත භාගයේදී විදේශයන්හීදී අත් අඩංගුවට ගන්න ලද පාතාල නායකයන් මෙරටට් ගෙන ඒමේදී පුළුල් ප්‍රචාරයක් ලබාදීම ශ්‍රී ලංකා වේ සංචරක කර්මාන්තයට මෙන්ම රටේ කීර්ති නාමයටද අ හිතකර ලෙස බලපානා බව පාර්ලිමේන්ති මන්ත්‍රී දිළිත් ජයවීර පවසයි .
පාතාල නායකයන් අල්ලා ගෙන එන විට අන්තර්ජාතික මාධ්‍ය කැඳවා ලෝකයටම අදාළ පුවත ලබා දීමට ආණ්ඩුව පුරුදුව ඇති බවත්, එම තත්ත්වය නිසා ශ්‍රී ලංකා පාතාල ක්‍රියාකාරකම් බහුල රටක් ලෙස විදෙශිකයන් තේරුම් ගනු ඇති බවත් ඔහු පවසයි . අවසානයේ මෙරටට සංචාරකයන් ලෙස පැමිණෙන්නේ දෙකයි පනහේ සුද්දන් බවත් , ඊළඟට රටට හිසරදයක් වන්නේ මෙම සුද්දන්ගේ පාතාලය බවත් ඔහු පැවසිය .
ජා ඇල පැවති ජන හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.